මහ රැජිණ හා පිලිප් කුමරු 70වන විවාහ සංවත්සරය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – දෙවන එළිසබෙත් මහ රැජිණගේ හා පිලිප් කුමරුගේ හැත්තෑවන විවාහ සංවත්සරය අදට(20) යෙදී තිබේ.

බ්‍රිතාන්‍ය රාජකීය යුවලක් ඉතිහාසයේ පළමුවරට ප්ලැටිනම් විවාහ සංවත්සරයක් සමරනු ලබන අවස්ථාව ලෙස ද මෙය සදහන් වේ. සංවත්සරයට සමගාමීව නිල ඡායාරූප ත්‍රිත්වයක් මාධ්‍යයට නිකුත් කිරීම ද සිදුවිය.

1947 වසරේ නොවැම්බර් 20වනදා එළිසබෙත් රැජිණ හා පිලිප් කුමරු විවාහ දිවියට එළඹුනේ වෙස්මිනිස්ටර් හිදී ය. ඒ දෙවන ලෝක යුද්ධය අවසන්වී වසර දෙකකට පසුවය.

ඒ වනවිට බ්‍රිතාන්‍ය මහ රැජිණ 21වන වියේ හා පිලිප් කුමරු 26වන වියෙහි පසුවිය.

සංවත්සර දිනය සිහිපත් කරමින් ස්ථාන රැසකදී සැමරුම් උත්සව පැවැත්වුණ බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *