වේයන්ගොඩ දී කාර්රථයක් දුම්රියේ හැපී 03ක් මරු‍ට

(කොළඹ, ලංකාපුවත්) – වේයන්ගොඩ, හීන්දෙණිය පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගය අසළ දී අද(20) උදෑසන 08.30ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

වේයන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක්, දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමේ දී, කොළඹ කොටුව බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක එය ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාර් රථටය් ගමන්ගත් පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අනත්රින් මිය ගිය තවත් එක් ‍අයෙකු එම දුම්රියෙන්ම ගම්පහ දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පැවසීය.

කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.

බලරපතළ තත්ත්වයේ පසුවන තුවාලකරු මේ වන විට වතුපිටිවෙල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *