වසර 17කට පසුව නැවතත් මිස් වර්ල්ඩ් කිරුළ ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) –වසර 17කට පසුව නැවතත් මිස් වර්ල්ඩ් කිරුළ ඉන්දියාවට දිනා ගැනීමට හැකිවිය.

2000 වසරේ ප්‍රියංකා චොප්රා මිස් වර්ල්ඩ් කිරුළ දිනා දීමෙන් අනතුරුව මෙවර කිරුළ දිනා ගනු ලැබුවේ 20 හැවිරිදි මනුෂි චිල්ලාර් විසිනි. ඇය වෛද්‍ය සිසුවියක් වේ.

ලොව වටා කාන්තාවන් 108දෙනෙකු පමණ මෙම තරගාවලිය සදහා සහභාගී වී සිටි බව ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර ඇත.

මිස් වර්ල්ඩ් තරගාවලියේ වෙබ් අඩවියේ තොරතුරු අනුව මනුෂි චිල්ලාර්, හෘද ශල්‍ය වෛද්‍යවරියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තියකි. එසේම ඇය ග්‍රමීය ජනතාවගේ සෞඛ්‍ය නැංවීමේ අරමුණින් ලාභ නොලබන රෝහල් පද්ධතියක් ගොඩනැගීමට ද සැළසුම් කර ඇතැයි දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *