ඉන්දු- ශ්‍රී ලංකා පළමු ටෙස් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ(20) පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරඟය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අවස්ථාවක පසු වුණි.

ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 231ක ඉලක්කයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 07ක් දැවී ලකුණු 75ක් පමණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 294ක් ලබා ගත්තේය.

ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 172කට දැවී ගිය අතර දෙවන ඉනිමේදී කඩුලු 08ක් දැවී ලකුණු 352ක් ලබා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *