ජාතික කොඩිය ප්‍රතික්ෂේප කළ ඇමතිට දෙන තීන්දුව ගැන උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති සියලු චෝදනා නීතිපතිවරයාට ඉදිරිපත් කර ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

ඊයේ(20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේ මෙහිදී ලැබෙන තීන්දුව අනෙකුත් මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ද පූර්වාදර්ශයක් විය හැකි බවය.

වව්නියාව ප්‍රදේශයේ සිංහල පාසලක පසුගියදා පැවති උත්සවයකදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා එම අවස්ථාවේ දී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *