සයිබර් අවකාශ සමුළුවට එක්වීමට අගමැති ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා අද (21) උදෑසන පිටත්ව ගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගිවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ශ්‍රී රාම් නාත් ගෝවින්ද් මහතා හමුවීමට ද නියමිතය.

නවදිල්ලියේ එරොසිටි හිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ආරම්භ වන පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරයා එක්වෙනු ඇත.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘සැමට සයිබර් තිරසර සංවර්ධනය සදහා ආරක්ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්’ යන්නයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද සංචාරයට එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 12 =