ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකාව, උතුරු කොරියාව නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රාජ්‍යයක් බවට අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව නම් කර ඇත.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව අමතර සම්බාධක පැනවීමට සහ දඩ මුදල් පැනවීමට අමෙරිකාවට ඉඩ සැලසේ.

උතුරු කොරියාව හිතුවක්කාරී ලෙස දිගින් දිගටම න්‍යෂ්ඨික අත්හදා බැලීම් වල නිරත වන බැවින් මේ තීරණය ගත බව අමෙරිකාව සදහන් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරගේ දින 12 ක ආසියානු සංචාරය නිමාවීමෙන් සතියකට පසුව මෙම තීරණය ගැනීමද තවත් සුවිශේෂී කරුණකි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් උතුරු කොරියාවට පනවන ලද නවතම සම්බාධක පිළිබඳ නිවේදනය කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *