නව තෙල් ටැංකි කිහිපයක් සෑදීමට කැබිනට් පත්‍රිකාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී තවත් තෙල් ටැංකි කිහිපයක් සෑදීමට සැළසුම් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ඊයේ(20) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“දැන් වන විට අපි ඉන්ධන මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් නව යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විශේෂයෙන්ම විදේශයකදී නැවට ඉන්ධන පටවන විට එම වරායේදීම තෙල්වල සාම්පලයක් ගෙන මෙරටට ගෙන්වා ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දැන් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා දැන් තෙල්වල තත්ත්වය පරීක්ෂා කිරීමට නැව මෙරටට පැමිණ තෙක්ම බලා ගෙන සිටිය යුතු නැහැ. ඒ වැඩපිළිවෙල යටතේ යම්කිසි විදියකින් නැවේ තෙල් හොඳ නැති බව වාර්තා වුණොත් අපිට වෙනත් විකල්පවලට යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉදිරියේදී තෙල් ටැංකි කිහිපයක් සෑදීමටත් අපේක්ෂා කරනවා. ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා….”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *