කොළඹ කුණු බිංදුවට අඩු වෙලා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කූණු බිංදුවට අඩු වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(21) කොළඹ නගර සභාවේ පැවැති නාගරික කසළ කළමනාකරණය සහ නාගරික අලංකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘කොළඹ නගරයේ කැළි කසළ පැත්තෙන් විතරක් නෙමෙයි, ඩෙංගු රෝගය පැත්තෙන්, ඒ වගේම ජල තලය පිරිසිදුව තබාගැනීම පැත්තෙන්, වායු දූෂණය පාලනය කිරීම පැත්තෙන් අද දකූණු ආසියාවේ වැදගත් තැනකට පැමිණ තිබෙනවා. සාවද්‍ය ප‍්‍රවෘත්තිවලට මුල්තැන දෙන නිසා මේකටත් මුල්තැන දෙන්න කියලා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. වායු දූෂණය, ජල දූෂණය නිසා දිල්ලිය, ඉස්ලාමාබාද් යන නගර මේ වන විට අක‍්‍රිය වෙලා. නමුත් කොළඹ නගරය අපිට පුළුවන් වෙලා තිබෙනවා 2007 – 2008 ට සාපේක්‍ෂව අපි වායු දූෂණය පාලනය කිරීම පැත්තෙන්, අපට තිබුණු ලොකුම ගැටළුව කසල කළමනාකරණය පැත්තෙන්, එය අපි තාවකාලික ආකාරයට පාලනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා දායක වූ හමුදාවේ අලංකරණ අංශය, පරිසර පොලීසිය නීතිය පැත්තෙන්, කසළ එකතු කිරීම පැත්තෙන් නගර සභාවල ඒ වගේම පෞද්ගලික අංශයේ සහයෝගය ලැබුණා. පෞද්ගලික අංශයේ පවා සේවක පැමිණීම ආදියේ හොඳ වර්ධනයක් අපට ලඟා කර ගන්න හැකි වුණා. ඒ වගේම නාවික හමුදාව ඉඩම් සංවර්ධන සංස්ථාව අපට සහයෝගය ලබාදුන්නා ජල ප‍්‍රදේශ පාලනය කරන්න වගේම කෙරවලපිටිය කසළ අංගනය පාලනය කරන්න. රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සියළුම ආයතන අපට ඒ සඳහා ලොකු සහායෝගයක් ලබාදුන්නා. නමුත් ජනතාවගේ පැත්තෙන් අඛණ්ඩව කසළ කළමණාකරණය පිළිබඳව කටයුතු සිදු කෙරෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවලට දේශපාලන අධිකාරියක් නොමැති අවස්ථාවේ නිලධාරීන් විසින් මේ ප‍්‍රශ්න විසඳීමට කටයුතු කිරීම රටේ විශාල ජයග‍්‍රහණයක්. දේශපාලන අධිකාරියක් නොමැතිව උනත් රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයට නායකත්වය දී මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක මෙයින් ඔප්පු උනා. මේ සම්බන්ධයෙන් ඒ අය හැම අතින්ම දායක උනා. කොළඹ නගරය කසළවලින් තොර නගරයක් බවට පරිවර්ථනය කර ගන්නට ලබපු දායකත්වය හේතුවෙන්. ඒ වගේම අපි ඉදිරි කාලයේදී විශේෂයෙන්ම ඊළඟ අවුරුදු දෙක ඇතුළේ දුගී පැල්පත්වාසීන්, ඒ වගේම බේරේ වැව අවට ප‍්‍රදේශවල විධිමත් සංවර්ධනයක් කරන්න බලාපොරෙත්තු වෙනවා. පිරිසිදු ජල පද්ධතියක් පවත්වාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරිසර පද්ධති දියුණු කිරීම සඳහා අපි වැඩකටයුතු කරනවා. විශේෂයෙන්ම දැනට තිබෙන වැදගත් පරිසර පද්ධති, පහත්බිම් වගේම මඩ ගොහොරු හැටියට පවතින ප‍්‍රදේශ විධිමත්ව ඒවා පවත්වාගෙන යමින් මේ පරිසරයේ තිබෙන අතිරේක උණුසුම උරා ගන්න ඒ වගේම පරිසර පද්ධති කි‍්‍රයාශීලි කරන්න නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවත් ඉදිරියේ කි‍්‍රියා කරන බව කියන්න ඕනේ. අද කොළඹ දකුණු ආසියාවේ වර්ග කිලෝමීටරයකට වැඩිම දොඹකර ගණනක් කි‍්‍රයාත්මක වන නගරය. අති විශාල සංවර්ධනයක් සීඝ‍්‍රම කි‍්‍රයාවලිය සිදුවෙමින් පවතිනවා. පසුගිය වසරේ ආර්ථිකයට ලබලා තිබෙන ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ දායකත්වය 13% ක්. රටේ ආර්ථිකය 4% කින් වගේ වර්ධනය වෙද්දී ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ඒ වගේ තුන්ගුණයක වර්ධනයක් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා මම විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට ස්තූතිවන්ත වෙනවා ඒ ඉදිරි පිම්ම රටට ලබාදීම ගැන. එහෙම තත්වයක් තිබියදීත් මේ පරිසර දූෂණය පාලනය කිරීම විශේෂත්වයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − seventeen =