රුචිර ගේ ”මැති සබේ රස කතා” ග‍්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී රුචිර දිලාන් මධුසංඛ මහතාගේ ”මැති සබේ රස කතා” ග‍්‍රන්ථය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (21) පස්වරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී සිදු විය.

පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකු ලෙස රුචිර දිලාන් මධුසංඛ මහතා රිවිර පුවත්පතට ලියූ තීරු ලිපි එකතුව ඇසුරෙන් මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, හිටපු කථානායක චමල් රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය යන මහත්වරුන් ඇතු`ථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =