“ද බෙර ෆෙස්ට්” ලබන 26වනදා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බිහිව ජාත්‍යන්තර තලයට පැමිණි ප්‍රමුඛ තාල වාද්‍ය භාණ්ඩ (බෙර) ශිල්පියෙකු වන රකිත වික්‍රමරත්නගේ නායකත්වයෙන් යුත් NAADRO වාද්‍ය කණ්ඩායමට වසර 10 ක් පිරිම නිමිත්තෙන් දේශීය සහ විදේශීය විවිධ අංශවල තාල වාද්‍ය භාණ්ඩ එක්කරගනිමින් ලබන 26 වැනිදා කොළඹ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨදී පැවැත්වීමට කටයුතු සුදානම්කර ඇත.

එදින උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා ජාත්‍යන්තර බෙර සැණකෙළියේ විවිධ අවස්ථා නොමිලේ ප්‍රදර්ශනය කරනු ඇත. ඊට අමතරව රාත්‍රී ප්‍රසංගය සුළු මුදලකින්යුත් ටිකට් පතක් නිකුත්කර ප්‍රදර්ශනය කරන බවත් එමගින් ලැබෙන මුදල් Little Hearts අරමුදල වෙනුවෙන් ලබාදීමට ක්‍රියාකරන බවද එහි සංවිධායකයන් පවසා සිටියි.

මිට අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධිකරණ කටයුතු සහ රාජ්‍ය දායකත්වය ලබාදෙන අතර අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහයෝගය මත පොලිස් වාද්‍ය කණ්ඩායම සහ ත්‍රිවිධ හමුදා වාද්‍ය කණ්ඩායම්ද මෙම ප්‍රසංගයට එක්කිරීමට කටයුතු කර ඇත.

අද(23) පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානිතුමන්ගේ පුද්ගලික ලේකම් පුෂ්පික සමරකෝන් මහතා මේ තොරතුරු සදහන් කළේය.

දිවයිනේ තාල වාද්‍ය භාණ්ඩ ශිල්පීන් බොහෝප්‍රමාණයක්, සංගීත කණ්ඩායම්වල සිටින තාල වාද්‍ය ශිල්පීන්, පාසල්, විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතනවල ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ශිල්පීන්ද එක්ව මෙම මස 26 වෙනිදා ප්‍රසංගය ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන බව NAADRO කණ්ඩායමේ නායක රකිත වික්‍රමරත්න මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ජාතික රුපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ තුසිර මැලැව්වේතන්ත්‍ මහතා මෙම මාධ්‍ය සාකච්ජාව අමතමින් කියා සිටියේ තම රුපවාහිනි ආයතනය නිල මාධ්‍ය අනුග්‍රහකත්වය ලබාදෙනු ලැබුවද ජාතික වශයෙන් බ්වදකත් කරුණක් බැවින් සියලු මාධ්‍ය ආයතනයන්ට එදිනට පැමිණ නිදහසේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට හැකිබවත් ඒ සඳහා තමන් එම මාධ්‍ය ආයතන වෙත ආරධනා කරන බවත්ය.

මෙම මාධ්‍ය හමුවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානීගේ පුද්ගලික ලේකම් පුෂ්පික සමරකෝන්, NAADRO වාද්‍ය කණ්ඩායමේ නායක රකිත වික්‍රමරත්න, සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නිලුපුල් ද සිල්වා, ලිට්ට්ල් හාට් ව්‍යාපෘතිය වෙනුවෙන් මහාචාර්ය පි.එස්. ලමාබදුසුරිය, නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ජාතික රුපවාහිනිය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ තුසිර මැලැව්වේතන්ත්‍රි, නිරමාණ ශිල්පී, එරන්ද බණ්ඩාර, ජනනාත් වරකාගොඩ සහ සාලිය වීරසේකර යන මහත්වරුන් සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =