යළි වර්ෂාවේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්‍සා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් නිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදය කාල යේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුන සදහන් කරනු ලැබේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 19 =