සූර්ය ග්‍රහ මණ්ඩලයට අයත් නොවන පළමු ග්‍රහ වස්තුව ඈතට යයි

(කොළඹ, ලංකාපුවත්) – මෑතකදී අමෙරිකාවේ නාසා ආයතනයට අයත් අභ්‍යවකාශ දුරදක්නයකින් කුඩා ග්‍රහ තාරකාවක් හඳුනා ගැනිණ. මෙය මානව සංහතිය විසින් සොයා ගනු ලැබූ සූර්ය ග්‍රහ මණ්ඩලයට අයත් නොවන, පළමු ග්‍රහ වස්තුව ලෙස හැඳින්වේ.

එහි දිග මීටර් 400 කි. තීරු හැඩයක් ගනී. එහි ප්‍රමාණය මේ වන විට නිරීක්ෂණය කර ඇත.

මෙතෙක් හමු වූ සියළු වල්ගා තරුවලට හා කුඩා ග්‍රහ තාරකාවන්ට වඩා මෙය ප්‍රමාණයෙන් විශාල වේ.

විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ, Oumuamua ලෙසය.

මේ වන විට Oumuamua ග්‍රහ තාරකාව සූර්ය ග්‍රහ මණ්ඩලයේ සමීපයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈතට යමින් පවතින බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =