කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ඉදිකෙරෙන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්. විෙජ්වර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසළ සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (23) උදෑසන සිදු විය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17 ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිඛෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සදහා ශ්‍රම දායකත්වය සපයා තිබේ.

පීත්ත පටිය කපා පදික මංතීරුව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *