අතුරුදන්වූ සබ්මැරීනයෙන් නිකුත්වූ ශබ්දය ගැන පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – අතුරුදන්වූ ආජන්ටිනා සබ්මැරීනය සබඳතා ඇනහිටීමෙන් පැය කිහිපයකට පසු වාර්තා වූ විශාල හඩක් පිළිබඳ බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය ඉකුත් සතියේ බදාදා අතුරුදන් වූයේ නාවිකයින් 44 දෙනෙකු සමගය. “ඒ.ආර්.ඒ. සැන් ජුආන්” සබ්මැරීනය උතුරු අමෙරිකා කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටියදී විද්‍යුත් දෝෂයක් හේතුවෙන් ආපසු ආජන්ටිනාවට පැමිණෙමින් තිබුණි.

එය අතුරුදන් වූයේ ආජන්ටිනාවට කිලෝ මීටර 60ක් පමණ උතුරු දෙසින් වූ මුහුදේදීය. සබ්මැරීනය අතුරුදන් වී සතියකට වැඩි කාලයක් ගතවී ඇති අතර, එහි ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට ඉතා අඩුවීමට ඉඩ ඇති බව, බලධාරීන් සඳහන් කරනු ලැබේ.

සබ්මැරීනය අනතුරකට ලක්වී ඇතැයි, මේ වන විට සැක පළ වී තිබේ. එය සෙවීම සඳහා අමෙරිකාව, රුසියාව, එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක් එක්ව සිටි. 1983 ජර්මනියේ නිෂ්පාදිත මේ සබ්මැරීනයේ දිග මීටර 68කි. පැයට කිලෝ මීටර 45ක උපරිම වේගයකින් ඊට ගමන් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *