ඔස්කා පිස්ටෝරියස්ගේ දඬුවම් කාලය තවදුරටත් දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස්ට පිරිනැමු වසර 06ක සිර දඬුවම වසර 13යි මාස 5ක් දක්වා දීර්ඝ කර තිබේ.

දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් අද(24) මෙම නියෝග ලබාදි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

ඔස්කා පිස්ටෝරියස්ට සිය පෙම්වතිය ඝාතන චෝදනාව වෙනුවෙන් මීට පෙර ඔහුට අධිකරණය විසින් වසර 06 ක සිර දඩුවමක් නියම කර තිබුණි.

ඒ අනුව රජයේ නීතිඥවරුන් පෙන්වාදී තිබුණේ ඝාතනය වෙනුවෙන් ලබාදුන් සිර දඩුවම ප්‍රමාණවත් නොවන බවය. ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විමෙන් පසු සිර දඩුවම දීර්ඝ කෙරුණි.

ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස් 2013 වසරේ ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතිය ඝාතනය කළ බවට පිළිගෙන තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අද දිනයේදී පැරා ඔලිම්පික් ශූරයා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු බවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *