පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් – වැස්ස වැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් හෙට(25) සහ අනිද්දා(26) වැසි තත්ත්වයේ වැඩිවීමක් පවතිනු ඇතැයි කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.

විශෙ‍්ෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, සහ ඌව පාළාත්වල සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ වැසි තත්ත්වේ වැඩිවීමක් අපේක්‍ෂා කෙරේ.

එසේම දිවයිනේ බොහෝ පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ.

ගාල්ල සිට හම්බන්තොට සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *