බ්‍රසීලයේ සිරගත කාන්තා රැදවියන් විලාසිතා ප්‍රදර්ශනයක

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ සිරගත කාන්තා රැදවියන් වෙනුවෙන් විලාසිතා ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර සිර කදවුරක වෙසෙන කාන්තා රැදවියන් එක් කර ගනිමින් මෙම විලාසිතා ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණු බව වාර්තා වේ.

මෙම විලාසිතා ප්‍රදර්ශනයේ නිරූපණ ශිල්පිනියන් මෙන්ම ඔවුන් හැඩ ගන්වා තිබුණේද සිරමැදිරි රැදවියන් වීම විශේෂත්වයකි.

ප්‍රදර්ශනය නැරඹීමට රැදවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 450කට ආසන්න පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

රැදවියන්ගේ මානසිකත්වය නගාසිටුවීමට මෙය සංවිධාන කළ බව සංවිධායකයින් පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම විලාසිතා ප්‍රදර්ශනය පැවැත්වෙන මොහොතේ දී සිර කදවුර අවට ආරක්‍ෂභටයින් රාජකාරියේ ද නිරතව සිටි බවද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *