රු. ලක්‍ෂ 21ක් වටිනා ‘යාබා’ අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ‘යාබා’ නමින් හදුන්වන මත්පෙති 1475ක් සමඟ සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කොළොන්නාව ප්‍රදේහයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කෙකාට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්‍ෂ 21ක් පමණ වටිනා ඇම්පෙටමින් අඩංගු ‘යාබා’ නමින් හදුන්වන මත්පෙති 1,475ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු වයස අවුරු 35ක් වූ අයෙකි. ඔහුව අද(24) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 8 =