කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජල කපයි

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(25) පෙරවරු 08.00 සිට අනිද්දා(26) අලුයම 02.00 දක්වා පැය 18 කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ , දෙහිවල ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ සහ මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ රත්මලාන , සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *