පළාත් පාලන ගැසට් අතුරු තහනමට මෝසමක් – පක්ෂ නායකයින්ගේ තීරණය

(කොළඹ, ලංකාපුවත්) – අද (24) පස්වරුවේ පැවති පක්ෂනායක හමුවේදී පළාත් පලාන ඡන්දය කල්යාම සම්බන්ධයෙන් වැදගත් තිරණ රැසක් ගෙන තිබේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසිම සම්බන්ධ ගැසට් නිවේදනය වලකාලමින් ලබන 04 වැනිදා දක්වා පනවා ඇති අතුරු තහනම් නියෝගයට මෝසමක් ලබන සඳුදා ඉදිරිපත් කිරිමට නිතිපතිවරයා එකඟවී ඇත. එම මෝසම මගින් අභියාචනාධිකරණ ඉල්ලා සිටින්නේ මේ මස 30 වැනිදා එය කැඳවන ලෙසය.

මේ අනුව නිතිපතිවරයා, පක්ෂ නායකයින්ගේ සහ මැතිවරණ කොමිසමේ අදහස වි ඇත්තේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්විය යුතු බවටය.

ඒ අනුව පක්ෂ නායකයින් විසින් ප්‍රධාන යෝජනා දෙකකට එකඟවි ඇත. අධිකරණ ක්‍රියා මාර්ග කඩිනම් කර නඩුවට අදාළ කරුණු විභාග කිරීම එහි පළමුවෙනි යෝජනාව වේ. දෙවැන්න වූයේ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර පාර්ලිමේන්තුව තුළ විශේෂ නීතියක් සම්මත කර ගැසට් පත්‍රයේ වැරදි නිවැරදි කිරීමයෙ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අදහස වී ඇත්තේ නියෝගයට අදාළ නොවන ඉතිරි පළාත් පාලන ආයතන 133ට අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතු බවය. ඒ පිළිබඳව හෙට පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය කරන බවද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *