සිම්බාබ්වේ නව ජනපති දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස එමර්සන් නන්ගග්වා දිවුරුම් දෙයි.

වසර 37ක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබට් මුගාබේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නන්ගග්වා ජනාධිපති ධුරයට මෙලෙස පත්විය.

සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ අගනුවර ක්‍රීඩාගාරයක දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වු බව වාර්තා වේ. ඒ සඳහා දහස් ගණනක් සිම්බාබ්වේ වැසියන් එක්ව සිටියේය.

හැත්තෑ පස් හැවිරිදි එමර්සන් නන්ගග්වා මීට පෙර සිම්බාබ්වේ රාජ්‍යයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදි.

ජනාධිපති ධුරයට පත්වීම සමරමින් ආචාර වෙඩිමුර කිහිපයක් ද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *