ඉන්දියාවට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 239කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද (27) සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට තීරණය කළ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා සඳහා සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 205කි.

පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල කඩුලු 6 ක් දැවී ලකුණු 610 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 395ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 166ක් පමණි.

අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 61ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් ය.

රවී චන්ද්‍රන් අශ්වින් කඩුලු 4ක් සහ ඉෂාන් ශර්මා, ජඩේජා සහ රුමේෂ් යාදේව් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *