ගංවතුරෙන් බලපෑම් එල්ල වූ කොටපොල පවුල් 182 කට නිවාස ආධාර

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්වය හේතුවෙන් දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්වයට පත්ව ඇති බවට නිවාස 182 ක් හඳුනාගෙන තිබේ. එම නිවාසහිමියන් සඳහා ආකාර තුනක් යටතේ ආධාර ලබාදීමට රජය කටයුතු සූදානම් කර ඇත.

එනම්,

  1. අවදානම් රහිත වෙනත් ඉඩමක් හිමි ය සනහා එම ඉඩම්වල නිවාස ගොඩනගාගැනීමට මුදල් ආධාර ලබාදීම.
  2. පදිංචියට සුදුසු ඉඩමක් නොමැති අය සඳහා නව ඉඩමක් මිලදීගැනීමට රුපියල් ලක්ෂ 04 ක අමතර මුදලක් ලබාදීම.
  3. පදිංචියට සුදුසු ඉඩමක් නොමැති සහ මිලදී ගැනිමටද ඉඩමක් නොමැති පුද්ගලයින් සඳහා රජය විසින් පදිංචියට සුදුසු ඉඩමක් ලබාදීම.

මෙම අවස්ථා තුනේම පුද්ගලයින් සඳහා නව නිවසක් ඉදිකරගැනීමට රුපියල් ලක්ෂ 12 ක මුදලක් ලබාදෙන අතර එම නිවාස වල මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

මාතර දිස්ත්‍රික්කය තුල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ පළමු අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් 04 ක් සඳහා නව නිවාසවල වැඩ ආරම්භ කිරීම සදහා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ චෙක් පත් ප්‍රදානය කිරීම සිදුවුණි. ඒ පසුගිය 25 වැනිදා මොරවක, නයාමුල්ල අමාත්‍යවරයාගේ කාර්යලයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *