බාලි දිවයිනේ අගුන් ගිනි කන්ද සක්‍රීය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ අගුන් ගිනි කන්ද යළි සක්‍රීය වීමත් සමග එම දිවයිනට පැමිණෙන ගුවන් සේවාවලට රතු අවදානම් නිවේදන නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගිනි කන්දෙන් විහිදෙන ඝණ දුමාරය ඉහළ අහසේ මීටර් හාරදහසක උසක පැතිර ඇත.

සතියක් තුළ අගුන් ගිනි කන්දෙන් දුම පිටවූ දෙවන අවස්ථාව මෙය වන අතර එමගින් ගුවන් ගමන්වලට ද බාධා එල්ල වුණි.

මේ සමග අළු පතිත වන ප්‍රදේශවල ජනතාවට මුහුණු ආවරණ ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ. අගුන් ගිනි කන්දේ සිට කිලෝ මීටර් හතක වට ප්‍රමාණයක පදිංචිව සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

බාලි දිවයින, ඉන්දුනීසියාවේ වැඩිම සංචාරක ආකර්ශණයක් දිනාගත් ප්‍රදේශය ලෙස සැලකේ. ගුවන් ගමන්වලට බාධා එල්ල වීම එරට ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − three =