මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මහනුවර පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු ‘ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය25වනදා විවෘත කෙරිණි.

පරිසර හිතකාමී අන්දමින් ඉදිකර තිඛෙන මෙම සුඛෝපභෝගී හෝටලය කාමර 90 කින් පමණ සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර හෝටලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

අමාත්‍ය එස්. බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ සභාපති ශ්‍රියානන්ද විජේකෝන්‚ කළමනාකාර අධ්‍යක්ෂ චානුක විජේකෝන්‚ මූල්‍ය අධ්‍යක්ෂ හංසිනි විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =