සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට වෛද්‍ය අනිල් ජාසිංහ

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අදාල පත්කිරිම සිදු කර ඇති අතර ලබන බදාදා(29) නව ධුරයේ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඔහු මෙතෙක් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

2001- 2008 කාලය තුළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.
බදුල්ල මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෛද්‍ය පරිපාලනයට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *