කෝලි විවේක ගනී

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය එක්දින සංචිතයේ නායකයා ලෙස උප නායක රෝහිත් ශර්මා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 10 වනදාය. විරාත් කෝලි මෙම වසර තුළ වැඩිම තරග සංඛ්‍යාවකට එක්ව සිටීම හේතුවෙන් ඔහුට විවේකයක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ ආබාධවලින් වළක්වා ගනිමින් ක්‍රීඩකයින් කළමනාකරණය කිරීමේ ඉන්දීය සැලැස්මට අනුවය.

විරාත් කෝලි වෙනුවට ඉන්දීය යොවුන් පිතිකරුවෙකු වන ශ්‍රියාස් අයියර්ට, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =