ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර මහතා අද (28)කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

දියවැඩියා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය කාලයේ දී දැඩි ලෙස රෝගාතුරව පසුවුණි. ඔහු පසුවූයේ කෝමා තත්ත්වයකය.

වයලීන වාදනයෙහිලා ප්‍රමුඛතම වාදකයෙකු ලෙස පිළිගැනීමක් ඇති ඔහු හඬ පෞරුෂය හරහා ඇතැම් ගීතවලට ලබා දී ඇති දායකත්වයද අමතක කළ නොහැක. රුවන් වීරසේකර භාෂා ගණනාවක් පිළිබඳ දැනුමැති අයෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + nine =