මහනුවර මංගල උත්සවයක් සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව නීතීපතිට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව මේ වන විට නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

එහිදී 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතේ 308 (අ) වගන්තියට අනුව නඩු පැවරීමේ හැකියාව පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නීතිපතිතුමාගෙන් උපදෙස් විමසා සිටින බව එම අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් මත මෙම සිදුවීමට අදාළ ඉදිරි කටයුතු තීරණය කරනු ලැබේ.

කිසිදු කටයුත්තක් සඳහා ළමුන්ව හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර, එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *