කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පළමු සුදු රිබන් පටිය අධිකරණ ඇමතිනියට

(කොළඹ, ලංකාපුවත්) –නොවැම්බර් මස 25 වෙනිදට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පළමු සුදු රිබන් පටිය අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) පළදවන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ඇමතිනි නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය, “කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව කැපවීමෙන් කටයුතු කිරීම ඉතාමත් අගය කරනවා. ඉදිරියේදී අධිකරණ අමාත්‍යංශය හරහා කාන්තාවන් හා ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය වැලැක්වීම උදෙසා දැඩිව නීතිය කි්‍රයාත්මක කරනවා.˜ යනුවෙන් සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ නීති ආධාර කොමිෂන් සභාවේ සාමාජික නිළධාරිනියක්, —නොවැම්බර් මස 25 වෙනිදට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පළමු සුදු රිබන් පටිය අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට පළදලා මේ ව්‍යාපාරය අපි පටන් ගත්තා. මෙම ව්‍යාපාරයේ ඉතිහාසය ගත්තොත් 1961 වර්ෂයේ සිදුවුනු මිරාඛෙල් ඝාතනය තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පදනම වැටුණේ. රැෆායල් ටි්‍රජිලෝ නම් ඒකාධිපති පාලකයාට එරෙහිව මිරාඛෙල් නම් එකම පවුලේ සොයුරියන් තිදෙනා විසින් ගෙන ගිය අරගලය. ඒ අරගලයේදී ඒකාධිපති පාලකයා විසින් මෙම සොයුරියන් ඝාතණය කළා. ඉන් තමයි කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය ආරම්භ කළේ. 1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් නම් කරලා සෑම වර්ෂයකම නොවැම්බර් 25 වෙනිදා මෙම දිනය සමරනවා. මේ සඳහා ලෝක වැසියාගේ අවධානය යොමුකරන්න රටවල් රැසක් විවිධ ව්‍යාපාර කි්‍රයාත්මක කරනවා. විශේෂයෙන් ශී්‍ර ලාංකිකයින් හැටියට කාන්තාවන්ට ලංකාව තුළදී සිදුවන ප්‍රචණ්ඩ කි්‍රයා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් තමයි නීති ආධාර කොමිෂන් සභාව. කාන්තාවන් දරුවන් වගේ අසාධාරණයට පහසුවෙන් ලක්වෙන්න පුළුවන් අය වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාව කටයුතු කරනවා. අපි කාන්තාවන් වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනවා. සැමියා නොමැතිව කාන්තාවන් අසරණ වුණ වෙලාවලදී නඩත්තු නඩු පවරන්න කටයුතු කරනවා. ඒ වගේ අවස්ථාවල කිසිම භේදයකින් තොරව නීති ආධාර කොමිෂන් සභාව නොමිලේ නීති උපදෙස් ලබාදෙනවා.

ඒ වගේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වෙන කාන්තාවන් වෙනුවෙනුත් නීති ආධාර කොමිෂන් සභාව අධිකරණයේ පෙනී සිටීම සඳහා නොමිලේ නීති සහය ලබාදෙනවා නීති ආධාර කොමිෂන් සභාවේ ශාඛා 82ක් හරහා. නොවැම්බර් 25න් ආරම්භ වන මෙම වැඩසටහන මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අමාත්‍යංශ, තානාපති කාර්යාල, පොලිස් නිළධාරීන් දැනුවත් කිරීම දක්වා මේ කටයුත්ත කරගෙන යනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාව කියන්නේ ආරක්ෂා කළ යුතු චරිතයක්. එහෙම නැතිව කාන්තාව සමාජයේ පීඩනයට ලක්කළ යුතු චරිතයක් නොවන බව. ඒ වෙනුවෙන් තමයි අපි කාර්යාලවලදී, බස් රථයේදී, වැඩබිමේදී කාන්තාවන්ට හිංසනයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් නැගී සිටීම හා කාන්තාවන්ට වෙන ප්‍රචන්ඩතාව අවම කිරීම තමයි මෙතුළින් බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් සඳහන් කළාය.

මෙම අවස්ථාවේදී ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටද සුදු රිබන් පටියක් පළදවන ලදී. නීති ආධාර කොමිෂන් සභාවේ නිළධාරිනියන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *