වෘත්තීය දැනුමෙන් පිරිපුන් තරුණ පිරිසක් වෙනුවෙන් රජයෙන් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – තාක්‍ෂණය සමග ඉදිරියට යන ලෝකයේ රැකියා වෙළෙඳපලට අවශ්‍යවන වෘත්තිකයින් බිහිකිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සිසු පරපුරේ වෘත්තීය තාක්‍ෂණ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීම උදෙසා නාවලපිටිය – හයින්ෆෝට් හි ඉදිවන උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

රුපියල් මිලියන 529ක වියදමින් ඉදිවන මෙම ආයතනයේ ඉදිකිරීම් වසර දෙකකින් අවසන් කිරීමට නියමිතය.

මෙම උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය මගින් නවීන ලෝකයේ රැකියා ඉල්ලුමට සරිලන වෘත්තීය දැනුමෙන් පිරිපුන් තරුණ පිරිසක් බිහි කරන බව ද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *