අගහරුවලට යන්න තවත් යානයක්

(කොළඹ, ලංකාපුවත්) –අගහරු ග්‍රහයාවෙත යැවීම සඳහා අමෙරිකාවේ නාසා ආයතනය, නව රෝවර් යානයක් නිර්මාණය කර ඇත.

යානය,2020 දී මෙහෙයුම අරඹන බව නාසා ආයතනය පවසයි. නව රෝවර් යානය 2012 වසරේ දී නිර්මාණය කළ කියුරියෝසිටි රෝවර් යානයට සමාන වුවද, එහි නව තාක්ෂණයෙන් යුත් උපකරණ 7ක් අඩංගු වේ.

නවීකරණය කරන ලද රෝද හා වැඩි ස්වාධීනත්වයකින් කටයුතු කිරීමේ හැකියාව, මෙම යානය සතු වේ. මීට පෙර නිර්මාණය වූ යානයට වඩා වැඩි විශ්වාසනීයත්වයකින් අගහරු මත පර්යේෂණවල නියැලීමේ අවස්ථාව ද ලැබේ.

අගහරු ග්‍රහයා මත ජීවය ඇත්ද යන්න, සොයා බැලීම මෙම මෙහෙයුමේ අරමුණය.

පස් සහ අනෙකුත් ද්‍රව්‍යමය සාම්පල එකතු කර පෘතුවියට රැගෙන ඒම මෙම යානයට පැවරෙන රාජකාරීය වේ. රෝවර් යානය 2020 වසරේ ජුලි සහ අගෝස්තු අතර දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිත අතර 2021 වසරේ පෙබරවාරි මස දී අගහරුමත ගොඩබෑමට කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *