අදින් ඇරඹෙන මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ඡේදය දෙරටටම ප‍්‍රතිලාභ රැසක් උදාකරයි – දකුණු කොරියානු ජනපති

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියාව සහ ශී‍්‍ර ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවලට 40 වසරක් සපිරෙන මෙම අවස්ථාවේදී සිදුවන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතාවයක තිර පදනමක් සකසන බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා පවසයි.

එමෙන්ම මේ සමග ඇරඹෙන දෙරට අතර මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ෙඡ්දය දෙරටටම ප‍්‍රතිලාභ රැුසක් උදාකර දෙනු ඇති බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ස`දහන් කළේය.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අද පෙරවරුවේ සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවස වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා විසින් පිළිගත්තේ ඉතා උණුසුම් අන්දමිනි.

හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් ද එම පිළිගැනීම සිදුවූ අතර ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස දෙරටේ ජාතික ධජ ප‍්‍රදර්ශනය කරමින් අලංකාරවත් අයුරින් සරසා තිබුණේ දෙරටේ දැඩි සබඳතාවය මනාව පිළිඹිඹු කරමිනි.
නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරටේ ද්වි පාර්ශ්වික සබඳතා නැවුම් ප‍්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, සම අත්දැකීම් ඇති රටවල් දෙකක් ලෙස එම සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව පවතින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හෝමාගම ටෙක් සිටි (Tech City) සහ කටුනායක එරෝ සිටි ආයතන ස්ථාපනය කිරීම සඳහා තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාවය පළ කෙරිණි.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට ද අත්සන් තැබිණි.

දෙරට අතර අත්සන් තැබුණු ආර්ථික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමට දකුණු කොරියානු ආර්ථික කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා විසින් අත්සන් තැබීය.

රැකියා බලපත‍්‍ර ක‍්‍රමයට අදාළ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය සහ එරට රැකියා හා කම්කරු අමාත්‍යවරයා විසිනි.

2017-2019 වසරවලට අදාළව ආර්ථික සහයෝගීතා අරමුදල වෙතින් ලබාගත හැකි ණය සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඊට අත්සන් තැබූහ.

ආයෝජන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ශී‍්‍ර ලංකා ආයෝජන ප‍්‍රවර්ධනය මණ්ඩලය සහ දකුණු කොරියානු වෙළෙඳ ආයෝජන ප‍්‍රවර්ධනය නියෝජිත ආයතනය අතර අත්සන් තැබිණි. ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා සහ කොරියානු නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා මෙම ගිවිසුමට අත්සන් තැබීය.

දෙරට අතර සංස්කෘතික, කලා කටයුතු, අධ්‍යාපන, තරුණ හා කී‍්‍රඩා කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට ද විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අතර අත්සන් තැබිණි.

දෙරට අතර අත්සන් තැබුණු රැකියා බලපත‍්‍ර ක‍්‍රමයට අදාළ ගිවිසුම ඉදිරියේදී දකුණු කොරියාවේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයින්ට ඉතා වැදත්වනු ඇති බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට ලබාදෙන රැකියා ප‍්‍රමාණය ඉහළ දමන ලෙස ද දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ධීවර, ඉදිකිරීම් යන අංශවල ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට දකුණු කොරියාවේ පවතින රැකියා අවස්ථා ඉදිරියේදී කෘෂිකර්මාන්ත සහ පශූ සම්පත් අංශයේ රැකියා දක්වා ඉහළ නංවන බව මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *