අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක්

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස් හෝ දූෂණ කොමිෂමට අමතර නිලධාරීන් පනහක් ලබාදීමට ව්‍යවස්ථාදායක කමිටුවේ අනුමැතිය මත අවසරය ලබාදී තිබෙන බව කතානායක කරු ජයසූරිය මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, වාචික ප්‍රශ්න අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට අඳහස් දක්වමිනි.

වාචික ප්‍රශ්නය පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් යොමු කර තිබුණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට 2014 වසරේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2345කි, වසර 2015 දී පැමිණිලි 3913කි, වසර 2016 දී 3650කි 2017 ජූලි 30 දක්වා පැමිණිලි 1322ක් බව අමාත්‍යවරයා පැවසි ය.පැමිණිලි විභාග අවසන් කළ සංඛ්‍යාව 2014 දී 199කි. 2015 දී 2818 කි. 2242ක් වසර 2015 දී ,2017 ජූලි දක්වා 803කි.විභාග කරමින් පවතින පමිණිලි සංඛ්‍යාව 2014 වසරේ 803කි.2015 දී 1095කි. 2016 දී 1208 කි. 2017 ජූලි 30 වනවිට 519කි.
විමර්ශනය කිරීමෙන් පසු නඩු පැවරීම තීරණය කරන්නේ කොමිෂන් සභාව විසිනි. නීතිපතිවරයාවෙත යොමු කිරීමක් සිදු වන්නේ නැත. ඒ සඳහා නීතිමය ප්‍රතිපාදයක් නැත.මේ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් මේ
කටයුතු සමාලෝචනයට පත් කර ඇත. මේ වනවිට කබිනට් පත්‍රිකාවක් සකස් කෙරෙමින් පවතී. පවරා ඇති නඩුවලින් දේශපාලඥයන් වෙත පවරා ඇති නඩු සංඛ්‍යාව, මහාධිකරණය 2015 හයකි.2016 දී දෙකකි. 2017 වසරේ
එකකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා- අල්ලස් දූෂණ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් ස්ථාපිත කරන්න.ඔබතුමාගේ අවධානය යොමු කරනවා. කාර්යක්ෂම නිලධාරී මණ්ඩලයක් පත් කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- මම පැමිණිලි කළා අල්ලස් දූෂණ කොමිෂමට. එය වේගවත් කරන්න

කතානායක- කොමිෂමට ඇගිලි ගහන්නේ නෑ. අවධානය යොමු කරවන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා – මමත් පැමිණිල්ලක් කළා. බයේ හැංගිලා ඉන්නේ

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා- කෙසෙල් ගෙඩි ප්‍රශ්නය විමර්ශනය කළා. නීතිපති එකට දැම්මා කිව්වා,ඒකට මොනවා වෙලා ද දන්නේ නෑ.
Read 9 times

Leave a Reply

Your email address will not be published. Required fields are marked *