ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුරු කොටස් සොයා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) –ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ සිටි දළ පූට්ටුවා නැමැති ඇතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවත් පොලීසිය,වනජීවී ඇතුළුව විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිටත් ඇතාගේ සිරුර කොටස් සොයා මෙහෙයුම් සිදු කිරීමට දැන්වූ බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අමාත්‍යවරයා කියා සිටියේය.

ගල්ගමුවේ සියඹලන්ගමුව ප්‍රදේශයේ සිටි දළ පූට්ටුවා නැමැති ඇතා මරාදැමීම සම්බන්ධයෙන් පරීක්ෂණය කරනවා. ඇතාගේ ශරීරයේ කොටස් සොයා කණ්ඩායම් පහක් මහව, ගල්ගමුව, හේරත්ගම, මීගලෑව,
ගල්කිරියාගම,යන ප්‍රදේශවල විශේෂ කාර්ය බලකාය යොදව මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

පොලීසිය සමඟ ක්‍රියාත්මක වී තිබෙනවා.විශාල සම්පතක් නැති වුණා. වෙනම නිලධාරීයෙක් ද මම අනුයුක්ත කළා. ශරීර අවයව හමුවෙනකම් පරීක්ෂණ කරන්න කියා තිබෙනවා. මේකේ පිටුපස බලවත් අය ,කවුරු වුවත් ඒ අයට විරුද්ධව කටයුතු කරනවා. මේ අයට විරුද්ධව කිසිම අනුකම්පාවක් නෑ.තරාතිරමක් නෑ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

ඇතාගේ මරණය සම්බන්ධයෙන් අඳහස් දැක් වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ,මේ රටේ ජෛවවිවිධත්වයේ මහා උරුමයක් අපට අහිමි වූ බව සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *