වරාය අධිකාරියට 2017 දී රු. මිලියන 11000ක ලාභයක්

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ආණ්ඩුවේ මනා කළමණාකාරිත්වය හේතුවෙන් වරාය ක්ෂේත්‍රය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතිබව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදී ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2017 වසරේදී රුපියල් මිලියන 11000 ක ලාභ ලබා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

2016 වසරේදි රුපියල් මිලියන 1000 ක් වූ ලාභය වසරක් තුළ මිලියන 11000 දක්වා වැඩිකර ගැනිමට හැකිවූයේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ නිසා බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම වරාය ක්ෂේත්‍රය දියුණු කිරිම වෙනුවෙන් රජය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර රටට බරක්ව තිබූ හම්බන්තොට වරාය රජයට හා රටට අවාසි නොවන පරිදි ගිවිසුමක් යටතේ සංවර්ධනය කිරිමට වත්මන් රජයට හැකිවූ බවත් ඔහු කීය.

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව ආණ්ඩුව විනිවිද භාවයකින් කටයුතු කර ඇතිබවත් එම ගිවිසුම පිළිබඳව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේදි විවාද කිරිමට සූදානම් බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය හා උතුරු පර්යන්තය ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තවදුරටත් සංවර්ධනය කරන අතර ත්‍රිකුණාමල වරාය සංවර්ධය කිරීම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටද පිටිවහලක් වන බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කෙළේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයේ විවාදයට සහභාගී වෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 10 =