වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් බවට හැරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයින ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය මේවන විට අඩුපීඩන කලාපයක් බවට පත්ව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ හේතුවෙන් දිවයින වඩා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශය සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිතත වැසි ඇති වේ.

ඇතැම් ස්ථාන වලට, විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල (මි.මි.100 වැඩි) තද වැසිද ඇති විය හැකිය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + fifteen =