ආවා කල්ලියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ආවා කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවෙකු කෝපායි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කෝපායි, කොකුවිල් ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය. ඔහු ළඟ තිබී ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 17ක් වන කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.

සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *