අධික වැස්සෙන් ඉන්දියාවටත් බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවට ද බලපෑමක් එල්ල වී ඇත.

චෙන්නායි ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටම අධික වැසි ඇදහැලුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් ගංවතුර තත්ත්වයක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

තමිල්නාඩුවට සහ කේරලයට ඉදිරි පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාවක් ඇති වියහැකි බව එරට කාලගුණ අංශ සඳහන් කර තිබේ.

දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − two =