(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දිනවල දී වාර්තාවූ දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.
“ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වුණා. ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතා ගේ දළ යුගල පසුගිය දා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. එම ඇතාගේ සිරුරද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමුවුණා. ඒ වගේම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩිතබා ඝාතනය කර තිබූණා. කතරගම ප්‍රදේශයේ දී ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයාගැනීමට පොලීසියට හැකිවුණා. එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කළා. මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාය එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒ සඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ජාලයක් තිබේද එසේ ක්‍රියාත්මක සංවිධානාත්මක ජාලයක් තිබේනම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදුකළ යුතු නිසා මේ පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරන්න කටයුතු කළේ.” යැයි අමාත්‍යවරයා කීය.