නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) –දිවයින අවට මුහුදු ප්‍රදේශයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවල නිරත වීමට මුහුදු නොයන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රා කීපයක් අතුරුදහන් වී ඇතැයි තොරතුරු වාර්තා වන බවත් එම යාත්‍රා සොයා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *