රු. දස දහසක ආපදා දීමනාවක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, රුපියල් දස දහස බැගින් වන ආපදා දීමනාවක් ගෙවීම අද දිනය තුළ ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමණාකරණ අමාත්‍යංශයට සහ ජාතික රක්‍ෂණ භාර අරමුදලට උපදෙස් දී ඇත.

එසේම අලාභහානි වූ දේපොළ පිළිබඳව වහාම තක්සේරු කටයුතු ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

උද්ගතව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව පක්‍ෂ නායකයින් දැනුවත් කරලීමේ රැස්වීමක් අද සවස 3.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *