සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා විදුලි ජනන යන්ත්‍ර අනිවාර්ය කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා විදුලි ජනන යන්ත්‍ර අනිවාර්ය කරන ලෙසට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ අමාත්‍යංශ ලේකමවරයාට දැනුම් දී ඇත.

එම ලිපිය පහත පරිදි වේ .

ලේකම්,
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,
කොළඹ.

ගරු ලේකම්තුමනී,

සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා විදුලි ජනන යන්ත් අනිවාර්ය කරන්න

පසුගිය සමයෙදී ඉන්ධන නොමැති වීම පිලිබඳව ජනතාවගේ බිය සමඟ ඉතාමත් කලබල කාරී තත්ත්වයක් රටතුල ඇතිවුනී. පසුගිය කාලයේදී ඉන්ධන බේදා හැරීම අතිගරු ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙසද නම් කර තිබේ.

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මේවන විට ලංකාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැවී තිබේ. මේ නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සම්පුර්ණයෙන් ඇනහිට තෙබේ. රටේ විදුලි පද්ධතියේ තත්වය ගැන ජනතාව දරණ මතය ඉතා පැහැදිලිය, ඒ මෙය පොඩ්ඩ බැරිවුනොත් ලියිට් නැතිවන රටක් බවයි. මේ අනුව මෙවැනි තත්වයන් මඟහරවා ගැනීමට හා ඉන්ධන නිකුත් වීම අඩාල නොවන ලෙස පවත්වාගෙන යෑමට සියලුම පිරවුම්හල් සඳහා පොම්ප ක්‍රියාකාරිත්වය තහවුරු කරනා විදුලි ජනන යන්ත්‍රයක් තිබීම අනිවාර්ය කරන ලෙසත්, මෙවන් අවස්ථාවලදී එය භාවිතයෙන් සේවා සැපයිම අනිවාර්ය කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
චිරන්ත අමරසිංහ

සභාපති – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 7 =