හදිසි ආපදාවට මුහුණදීමට සෞඛ්‍ය අංශ සුදානමින්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පවතින හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට හෝ ආපදාවන්ට ලක්ව රෝහල් ගතවන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර සැලසිමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ.

මෙම උපදෙස් ලබාදි ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාටය.

බස්නාහිර සහ දකුණ යන පළාත්වල ඇතැම් රෝහල්වලට ගස් කඩා වැටීමෙන් සුලු හානි සිදුව සිදුවි ඇත. කලුතර මහ රෝහලේ ගස් කඩා වැටීම හේතුවෙන් සුලු හානි සිදුව ඇති අතර, එම හානියට පත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සදහා ශ්‍රි ලංකා යුධ හමුදාව ඉදිරිපත්ව සිටි.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීම් සිදුව ඇති අතර, ඇතැම් රෝහල්වල ජෙනරේටර් මගින් විදුලිය සපයා ගනිමින් රෝගී සත්කාර ක්‍රියාත්මක කරනු ලැබේ. විදුලි බලය නොමැති රෝහල්වල එන්නත් ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළීවෙලක් ක්‍රීයාත්මකය.

හදිසි ආපදා තත්ත්වය පවතින පළාත්වල සියලුම රෝහල්වලට අවශ්‍ය තරම් ඖෂධ, කාර්ය මණ්ඩලය ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 6 =