ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) පැවසීය.

ඊයේ වර්ෂාව සුළඟ නිසා,සිදු වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සහන සැලසීමට ආපාදා කළමනාකරණය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරනවා. අද පස්වරු තුනට පක්ෂ නායක රැස්වීමක් පැවැත් වෙනවා.

රජයෙන් දිය යුතු සහන පිළිබඳව සලකා බලනවා යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *