‘ආවා’ කල්ලියට සම්බන්ධ තවත් 03ක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – ආවා නැමැති කල්ලයට සම්මබන්ධ බවටව සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුව ඊයේ(29) කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කෝපායි, යාපනය, මාන්ප්පායි පොලිස් වසම්වල තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකිරීම්, දේපලවලට අන්ර්ථ කිරීම්, දේපළ කොල්ලකෑම් ඇතුළු තවත් සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු මෙලෙස යාපනය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 22, 20 සහ 17වැනි සීමාවල පසුවේ.

ඔවුන් අද (30) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය විසින් සිදු කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *