පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිතුමා, එහි සිට අද (30) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා සහ ඔවුන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව යෙදවීමට ද උපදෙස් දුන්නේය.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට මුහුණදී ඇති ධිවරයින් ඇතුළු පිරිස් සිටීනම් ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

හදිසි අපදා තත්ත්වයෙන් විපතට පත්වූ පවුල්වලට මූලික වශයෙන් රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට රජය මේ වන විට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *