ජානිපෙ හිටපු මන්ත්‍රී ජයන්ත විජේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායකයවරයෙකු ලෙස ද පත්කර තිබේ.ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජයන්ත විජේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

ඒ ජනාධිපති කාර්යාලයේ දීය.

විජේසේකර මහතා මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය හා එක්ව ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *