නව කම්කරු නිලධාරින් 191කට පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) – කම්කරු දෙපාර්තමේන්තුවේ නව කම්කරු නිලධාරින් ලෙස බóවාගත් 191 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

නව පත්වීම්ලාභීන් අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වැඩකරන පන්තියේ විශාලතම අරමුදල වූ සේවක අර්ථ සාධක අරමුදල ශක්තිමත් කිරීම සඳහා නව පත්වීම්ලාභීන් කැපවිය යුතු බවයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අසූපන් ලක්ෂයක් පමණ වන සේවකයින් අතරින් මේ වන විට සේවක අර්ථ සාධක අරමුදලට දායකවී තිබෙන්නේ විසිහය ලක්ෂයක් පමණක් වන අතර අනිවාර්යයෙන්ම දායකවිය යුතු තවත් දස ලක්ෂයක පමණ පිරිසක් ද සිටින බව පෙන්වාදුන් ජනාධිපතිතුමා ඔවුන් සියලූදෙනා ඊට දායකකර ගැනීමට නව නිලධාරින් කැපවීමෙන් කටයුතු කළයුතු බව ප‍්‍රකාශ කළේය.

අදාළ තරග විභාගයට ඉදිරිපත්ව පත්වීම් නොලැබුණු පිරිසක් පළකර තිබෙන විරෝධතාවය පිළිබ`දව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඔවුන්ට යම් අසාධාණයක් සිදුවී ඇති බවට තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වැරදි නිවැරදි කර සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවයි.

මෙම ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු විසඳමින් අයිතීන් සහ වරප‍්‍රසාද දිනා දෙමින් සේවකයින්ට වඩා යහපත් සේවාවක් ඉටුකිරීමේ පසුබිම නිර්මාණය කිරීමට රජය පියවරගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

පත්වීම් ලිපි ප‍්‍රදානය සංකේතවත්ව ජනාධිපතිතුමා අතින් සිදුවිය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න, අමාත්‍යාංශයේ ලේකම් එස්.ඒ.එන්. සරණතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *